27 C
Colombo
July 27, 2025
NewsPolitical

මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..

පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

පවතින දේශපාලන තත්වය තුල ආණ්ඩුවට එරෙහිව එල්ල වන මහජන චෝදනා තමන් ඇසෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

එනිසා රාත්‍රියේ මළගෙදරකට ගියහොත් පොහොර ප්‍රශ්නය ජනතාව බීලා බනින බවත් ඔවුන්ගෙන් බැනුම් අහන්නට වන බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

රසායන පොහොර සමග වගා කරන්නට පුරුදු වී සිටින ජනතාව ක්‍ෂණිකව වෙනස් කළ නොහැකි බවද කී ඔහු ආණ්ඩුව කළේ සරම මහන්නට පෙර කලිසම ගැලවීම වැනි කටයුත්තක් බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ දී පැවති වැඩසටහනක් ඉන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

Related posts

රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..

Shiran Viraj

ජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..

Shiran Viraj

අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..

Shiran Viraj