January 30, 2026
Local NewsNews

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලැබේ. ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්‍රව්‍ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට්, අමුද්‍රව්‍ය ලෙස යොදාගැනේ. මහ කන්නය සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

අනුරාධපුර ඔයාමඩුව, සේනානායක මාවත, පදවිය, මහඉලුප්පල්ලම, එප්පාවල සහ තලාව පිහිටි මධ්‍යස්ථාන 6කදී පොහොර ඇසුරුම් කර, කොමර්ෂල් පොහොර සමාගමට ලබා දෙයි. අනතුරුව කොමර්ෂල් පොහොර සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ගොවි ජනතාව වෙත කාබනික පොහොර බෙදාහැරීම සිදු කරයි.

මෙම කාබනික පොහොර මෙට්‍රික් ටොන් එකක් කුඹුරු හෙක්ටයාරයකට භාවිත කළ හැක. පොහොරවල නිෂ්පාදන කටයුතු සහ ගුණාත්මකභාවය පිළිබඳ ඇසුරුම් මධ්‍යස්ථානවලදී හෝ නිෂ්පාදන මධ්‍යස්ථාන වලදී ගොවීන්ට දැක බලා ගැනීමට ද අවස්ථාව සලසා තිබේ.

ඔයාමඩුව සහ සේනානායක මාවත පිහිටි කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා නිෂ්පාදිත පොහොර වල තත්ත්වය විමර්ශනයට ලක් කළේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම නිරීක්ෂණ අවස්ථාවන්ට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍යඅංශය

Related posts

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj

කුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…

Shiran Viraj

ඇෆ්ගනිස්තානය පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

Shiran Viraj