25.1 C
Colombo
July 26, 2025
NewsPolitical

ඉන්ධන ගේන්න විදිහක් නෑ.. රට වහන්න වෙනවා…

මෙරටට ඉන්ධන ගෙන ඒමට ආණ්ඩුවට නොහැකි වීම හේතුවෙන් රට වසා දැමීමට සිදුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එසේ රට වසා දැමීමට සිදුවීම විපක්ෂය පිටින් යැවීමට ආණ්ඩුව සූදානම් වන බවද ඔහු පැවසීය.

නමුත් ඒ සඳහා සමගි ජනබලවේගය ඉඩ නොතබන බව ද ඔහු කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂම මුදල් කළමණාකරනය හේතුවෙන් ඛණිජ තෙල් ගෙන ඒමට නොහැකි වී ඇති බවත් ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවටත් වන සත්‍ය තත්ත්වය ජනතාවට කිය යුතු බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

Related posts

රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට

Shiran Viraj

ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..

Shiran Viraj

එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……

Shiran Viraj