27.8 C
Colombo
August 2, 2026
Local NewsNews

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව මෙවර ශ්‍රීපාද වන්දනා වාරය චාරිත්‍රානුකුලව…

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව 2021-2022 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා  විහාරය සහ රත්නපුර පොත්ගුල්  රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක , උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය  පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බව (30) දින කියා සිටියේ 2021-2022 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල පරිශ්‍රයේදි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පැවති විශේෂ රැස්විමකදිය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්විමේදි වැඩිදුරටත් අනුශාසනා කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව කටයුතු කරමින් ශ්‍රි පාදය කරුණා කිරිමට බැතිමතුන්ට අවස්තාව ලැබෙන බවයි.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණිමේදි කොවිඩ් 19 වෛරසය සදහා එන්නත්කරණ ලද කාඩ්පතද රැගෙන ඒම තුලින් කිසිදු බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව ලැබෙන බවයි.

වසර දෙකක් තිස්සේ මෙරටට බැතිමතුන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව නොලැබුණු බවත්,ඒ අනුව මෙවර ශ්‍රි පාද වන්දනා වාරය පැවැත්විමේදි  ශ්‍රි පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙසට සෞඛ්‍ය අංශ නිලධාරින්ගෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක් කරනු ලැබුහ.

රාජකිය පණ්ඩිත කැම්පනේ ගුණරත්න හිමියන් විසින් රචිත හින්දු දර්ශනය නැමති මහ වෘක්ෂයේ සුපිපි සුගන්ධ පුෂ්පය නැමති ග්‍රන්ථය හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම් ඉරේෂා මදුෂානි දැරිය විසින් දමිල භාෂාවෙන් පරිවර්තනය කරන ලද ග්‍රන්ථයද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන්ගේ උපදෙස් පරිදි එලි දැක්විම මෙම රැස්විමට සමගාමිව සිදු කෙරිණ.

දමිල භාෂාවෙන් පරිවර්තනය කරන ලද ග්‍රන්ථය මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපති එස්.සෙම්බලවල්ලි මහත්මිය සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන කනපති කනගරාජ් , එස්.සත්‍යවේල් යන මහතුන්ට පිලි ගන්වනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලා

Shiran Viraj

යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..

Shiran Viraj

ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..

Shiran Viraj