September 20, 2026
Local NewsNews

ප‍්‍රභාකරන් උපන් ගමේ අලංකාර සරුංගල් සැණකෙලියක්…

යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරල තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් මෙවර තයිපොන්ංගල් නිමිත්තෙන් සංවිධානය කොට තිබුනි.

යාපනය වැල්වැටිතුරෙයි වාර්ෂික සරුංගල් සැණකෙලිය පවතින කොරෝණා අවධානම ඇතුලු විවිධ පාර්ශවයන්ගේ විරෝධතාවන් හමුවේ නොපැවත්වීමට තීරණය කිරීම හේතුවෙන් වලිකාමම් නැගෙනහිර මුහුදු තීරයේදී මෙම සරුංගල් සැණකෙලිය කට්ටෙයිකාඩු ශාන්ත මරියා ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කොට තිබුණි.

කට්ටෙයිකාඩු වෙරලතීරයේ පැවති සරුංගල් සැණකෙලියේදී දෙමළ හින්දු ජනතාවගේ සංසකෘතින් විදහා දැක්වෙන අලංකාර වූ සරුංගල් නිර්මාණ මෙන්ම ගෙවී ගිය කාලයේදී ජනතාවට බලපෑ කොරෝණා වෛරසය, ගෑස් ගැටලු, පොහොර ගැටලු ආදියද විදහා දැක්වෙන සරුංගල් නිර්මාණ ඉදිරිපත්කොට තිබුණි.

උත්සව අවස්ථාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූ අතර සරුංගල් සැණකෙලියේ ජයග්‍රහාහකයින් වෙනුවෙන් පළමු දෙවන හා තෙවන ස්ථාන වෙනුවෙන් පිළිවෙලින් රුපියල් 20,000 , 15, 000 සහ 10,000 බැගින් ලබාදීමටද සංවිධායකයින් පියවර ගනු ලැබූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

මැති ඇමතිලාට සහන දෙන්න පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා..- GL

Shiran Viraj

උසස් පෙළට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වන්න වැඩපිළි‍වෙළක්…

Shiran Viraj

ආමර් විදිය ජලයෙන් යටවෙයි

Shiran Viraj