26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

චීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..

චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ.

කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඊයේ ප්‍රකාශ කර තිබේ.

චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් සම්පූර්ණ වන නිසා මෙම තොගය නොමිලේ ලබා දෙන ලෙස බෙදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් අනුව මෙම ප‍්‍රධානය හිමිවෙයි.

ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර චීනයෙන් මෙසේ නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා රටටම ප‍්‍රමාණවත්ය.

Related posts

ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

Shiran Viraj

රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..

Shiran Viraj

ගරාජ් රස්සාවක් කරපු නිසා අතහැරපු පෙම්වතාව වසර 7 කට පසු මුණගැසුණු විට පෙම්වතියට හීන් දාඩිය දැම්මා

Shiran Viraj