July 11, 2026
Local NewsNews

ශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…

දැනට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

මේ වන විටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඉදිරි මාස එකහමාරකට අවශ්‍ය ඉන්ධන සංචිතයක් පවතී. ගෙවී ගිය සතියේ ද ඩොලර් මිලියන 32ක් ගෙවමින් ඉදිරියට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සදහා ඇණවුම් ලබා දී ඇත. ඉන්ධන මිළ දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු වේ.

ඒ අනුව මෙරට ගුවන් සේවා සදහා සපයනු ලබන සේවාවන් කිසිවිටකත් අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට තම අමාත්‍යාංශය පියර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

– සුජිත් කොඩිතුවක්කු

Related posts

කොළඹ-රත්නපුර පාර වසා විරෝධතා.. පෙට‍්‍රල්, ඩීසල් දෙකම නෑ.. ඉතා දීර්ඝ පෝලිම්..

Shiran Viraj

විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්…

Shiran Viraj

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

Shiran Viraj