31.1 C
Colombo
May 25, 2026
NewsPolitical

හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…

හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත්, පොහොර තහනම් කළ ආණ්ඩුව වගා කරපු මිනිසුන්ගේ ආදායම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කර්මාන්ත ශාලා ටික වැසී යන අතර අපේ රටට ලැබුණු ඍජු විදේශීය ආයෝජන අද පහලටම වැටිලා තිබෙන බවද විපක්ෂ නායකතුමා පැවසීය. ඒ හැම ප්‍රශ්නෙටම ආණ්ඩුවට තිබෙන උත්තරය කොරෝනා බව කී විපක්ෂ නායකතුමා, Corona වියසනය මැදත් නැගී සිටි රටවල් ඇති බව ආණ්ඩුව අමතක කොට ඇතැයි ද පැවැසීය.

හම්බන්තොට, මුල්කිරිගල ආසනයේ සමගි ජනබලවේගයේ මිද්දෙනිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.

පසුගිය ජනාධිපතිවරණයෙන් බලයට ආ ගමන්ම කෝටිපතියන්ට, ප්‍රකෝටිපතියන්ට බදු සහන දුන් ආණ්ඩුව අද මේ බරපතල කඩා වැටීමට වගකිවයුතු ඇතැයිද පැවසූ විපක්ෂ නායකතුමා, ජාත්‍යන්තර මූල්‍ය ශ්රේණිගත කිරීම් සියල්ලෙන්ම පාහේ රට බලවත් අවධානමකට වැටී ඇතැයිද පැවසීය.

– media unit

Related posts

දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇර‍ඹෙයි

Shiran Viraj

කොටි හිතවාදීන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවදානය යොමු විය යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකර

Shiran Viraj

ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..

Shiran Viraj