30 C
Colombo
July 2, 2026
NewsPolitical

රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

දැනට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් දිනය දා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බවට රාවයක් පැතිර යමින් පවතී.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම විපක්‍ෂ මන්ත්‍රීවරුන් අතර ද මෙම තොරතුරු සංසරණය වෙමින් තිබේ.

නිදහස් දිනය දා ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සදහා අත්සන් තබන ලද ලේඛණයක් මේ වන විට බන්ධනාගාරට යොමු කර තිබේ.

නමුත් එම ලේඛනයේ රංජන් රාමනායකගේ නම නැති බව බන්ධනාගාර අධිකාරිවරයා අද පස්වරුවේ සඳහන් කළේය.

සිර දඬුවමෙන් තමන් නිදහස් කරන්නැයි රන්ජන් රාමනායක ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර තවත් පාර්ශව ගණනාවක්ද ඔහු නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Related posts

රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj

කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයා

Shiran Viraj

e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර

Shiran Viraj