November 4, 2026
Local NewsNews

ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්…

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරේ.

ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය සිදුවූ අතර, එය සංකේතාත්මක වශයෙන් අද (08) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukosi Hideaki) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙනු ලැබිණ.

ලෑන්ඩ් කෘසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 700ක් වේ.

ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ රජයේ රස පරීක්ෂක ගෞරි රමනා මහත්මිය වාහන සහ උපකරණ භාර ගනු ලැබූහ.

අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවකට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

ලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි: CIDයෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරේ

Shiran Viraj

විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයට

Shiran Viraj

ඇසළ පෙරහර හේතුවෙන් සංචාරක පැමිණීම 17%කින් ඉහළට

Shiran Viraj