April 2, 2026
Local NewsNews

සෞඛ්‍ය වැඩ වර්ජනයෙන් හෙද සංගමය ඉවත් වේ…

දැනට ක්‍රියාත්මක කර තිබෙන සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ හෙද නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

එම වැඩ වර්ජනය අත්හිටුවන ලෙසට අධිකරණ නියෝගයක් ලැබී ඇති හෙයින් මෙම තීරණය ගත් බව සංගමය කියා සිටිති.

කෙසේ වෙතත් සෙසු වෘත්තීය සමිති සාමාජිකයන් තව දුරටත් වර්ජනයේ නිරත වන බව සදහන් කරති.

දින කිහිපයක් තිස්සේ පැවති වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට පත් වූහ.

එමෙන්ම රෝහල් සේවා පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.

Related posts

හදිසි නීතිය දේශපාලන මර්දනයට නොවේ: සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

Shiran Viraj

අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ වරදකරුවන් වූ 12 දෙනා මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයි

Shiran Viraj