28.2 C
Colombo
July 24, 2025
NewsPolitical

ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඩීසල් සහ පෙට‍්‍රල් ඇත්තේ තවත් දින තුන හතරකට පමණක් බවද මහ මග යන වාහන කොයි වෙලේ කොතැන නතර වේ දැයි සිතාගත නොහැකි බවද හෙතෙම පැවසීය.

වරායේ රැුදී සිටි ඩීසල් නැවක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු හරවා ගෙන ගිය බවද පැවසූ ඔහු තවමත් වරායේ තිබෙන පෙට්රල් නැවකට ඩොලර් ගෙවිය යුතුව ඇති බවත් සඳහන් කරයි.

විදුලිය කප්පාදුවද දිගටම සිදුවනු ඇති බවත් අද වන විට රටම නවතින තැනකට තල්ලු වී ඇතැයි ද හෙතෙම පැවසීය.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ක‍්‍රිකට් සභාපති සුරූපිනියන් තිදෙනෙක් සමග පලමු පන්තියෙන් ඕස්ට්‍රේලියාවට… රහස් පොලිසියට පැමිණිලි..

Shiran Viraj

වන අලි මරණවලට විසඳුමක් ලෙස CID මැදිහත්වීමක් – පරිසර අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලයි

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සිදු වූ වෙනස

Shiran Viraj