28.4 C
Colombo
June 9, 2025
Local News News

ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…

වර්තමාන ආණ්ඩුවේ බහුතරය නැතිකර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ සරල බහුතරය නැති කිරීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් එක් කර ගැනීමට සැලසුම් කරමින් ඇතැයි ද පැවසූ ඔහු වඩාත්ම සුදුසු මොහොතේ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද කියා සිටියේය.

විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසු නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තුරු අන්තර්වාර රජයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම පැවසීය.

එම මැතිවරණයේදී ජනතාවට කැමති රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව හිමිවන බවද ඔහු සදහන් කලේය.

අද වන විට ජනතාව මුහුණ පා සිටින බලවත් අසීරුතාවන් නිසා රජයට එරෙහිව ඡන්දය පාවිච්චි නොකර මන්ත්‍රීවරුන්ට ගම රට බලා යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද වැඩිදුරටත් කියා සිටියේය

Related posts

වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…

Shiran Viraj

අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න.. හෙට සිට ලොක්ඩවුන් වෙන්න සැරසෙන්න..

Shiran Viraj

ප‍්‍රතිචාර දරුණුයි.. ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේ Comment අක‍්‍රිය කරයි..

Shiran Viraj