July 3, 2026
Local NewsNews

ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…

වර්තමාන ආණ්ඩුවේ බහුතරය නැතිකර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ සරල බහුතරය නැති කිරීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් එක් කර ගැනීමට සැලසුම් කරමින් ඇතැයි ද පැවසූ ඔහු වඩාත්ම සුදුසු මොහොතේ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද කියා සිටියේය.

විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසු නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තුරු අන්තර්වාර රජයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම පැවසීය.

එම මැතිවරණයේදී ජනතාවට කැමති රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව හිමිවන බවද ඔහු සදහන් කලේය.

අද වන විට ජනතාව මුහුණ පා සිටින බලවත් අසීරුතාවන් නිසා රජයට එරෙහිව ඡන්දය පාවිච්චි නොකර මන්ත්‍රීවරුන්ට ගම රට බලා යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද වැඩිදුරටත් කියා සිටියේය

Related posts

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

Shiran Viraj

බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

Shiran Viraj

මන්ත‍්‍රීලාට රජයෙන් වාහන දුන්නොත් විපක්‍ෂයෙන් නඩු..

Shiran Viraj