31.1 C
Colombo
June 24, 2025
Local News News

අම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..

යාපනය නගරයේ සත්තිර මංසන්ධියේදී අද (11) උදෑසන යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් අවුරුදු 7 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

සත්තිර මංසන්ධියේදී මව සහ දරුවා යතුරුපැදියෙන් ගමන් කොට ඇති අතර පිටුපසින් පැමිණි ලොරි රථයක් යතුරුපැදියේ ගැටීම හේතුවෙන් යතුරුපැදියේ පිටුපස ගමන්ගත් 07 හැවිරිදි දරුවා වැටී ලොරි රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පැවසීය.

අනතුරින් දරුවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර එම ස්ථානයට රැස්වූ විශාල ජනතාවක් විසින් ලොරි රථයට හා එහි රිය දුරුට පහරදී අතරම පසුව එම ස්ථානයට පැමිණ පොලීසිය විසින් තත්වය පාලනය කොට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබීය.

ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බවට පොලීසිය සැක පල කරන අතරම අනතුර සිදුවූ ස්ථානය පොලිස් ආරක්ෂාව සපයා නොසන්සුන් වූ ජනතාව පාලනය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් රැස්වීම ‘සූම්’ එකෙන්

Shiran Viraj

කොවිඞ් වැළඳි විශාල පිරිසක් මහමග මියගිය බවට අසත්‍ය පුවත් පළ කළ අයෙකු සීඅයිඞී අත්අඩංගුවට

Shiran Viraj

මිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…

Shiran Viraj