July 4, 2026
Local NewsNews

අම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..

යාපනය නගරයේ සත්තිර මංසන්ධියේදී අද (11) උදෑසන යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් අවුරුදු 7 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

සත්තිර මංසන්ධියේදී මව සහ දරුවා යතුරුපැදියෙන් ගමන් කොට ඇති අතර පිටුපසින් පැමිණි ලොරි රථයක් යතුරුපැදියේ ගැටීම හේතුවෙන් යතුරුපැදියේ පිටුපස ගමන්ගත් 07 හැවිරිදි දරුවා වැටී ලොරි රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පැවසීය.

අනතුරින් දරුවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර එම ස්ථානයට රැස්වූ විශාල ජනතාවක් විසින් ලොරි රථයට හා එහි රිය දුරුට පහරදී අතරම පසුව එම ස්ථානයට පැමිණ පොලීසිය විසින් තත්වය පාලනය කොට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබීය.

ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බවට පොලීසිය සැක පල කරන අතරම අනතුර සිදුවූ ස්ථානය පොලිස් ආරක්ෂාව සපයා නොසන්සුන් වූ ජනතාව පාලනය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

තොප්පිගල කැලෑවේ තිබී හමුවූ රොකට් ලෝන්චර් අවි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක්

Shiran Viraj

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

Shiran Viraj

දරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..

Shiran Viraj