26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

සියලු පක්‍ෂ ඉල්ලුවොත් ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් යයි ජනපති දන්වලා…

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ඉල්ලා සිටින්නේ නම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ජනාධිපතිවරයා පැවසූ බව කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වන්නේ නම් ඒ සදහා විපක්‍ෂයේ සියළු පක්‍ෂ ඒකමතිකව යෝජනා කිරීමට සූදානම් බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සාකච්චා කරන ලද බවද ඔහු පැවසීය.

විපක්ෂ නායක සජිත් පෙමදස මහතා කියා සිටියේ ප්‍රචණ්ඩත්වයෙන් විරෝධතා මර්දනයට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ආණ්ඩුව ඉවත් කිරීමට ඒකමතිකව යෝජනාවක් සම්මත කිරීමට සූදානම් බවයි.

අද දිනයේ පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තේ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අදහස් පල කිරීමෙනි.

කෙසේ වෙතත් විපක්‍ෂ නායකවරයාගේ එම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමිින් කතානායකවරයා පාර්ලිමේන්තුවට මෙසේ පැවසීය.

”මේ වෙනකොට සමාජ මාධ්‍යජාලවල යනවා ජනාධිපතිවරයා කතානායකවරයාට ඉල්ලා අස්වෙන්න කැමතියි කියලා ප්‍රකාශ කළා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක්. උදේ කතාවේදී මම කිව්වේ 113ක් අරගෙන එතැනට ගියොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා කියලා. ඒක අදත් වලංගුයි. කරුණාකරලා 113ක් හදාගෙන යන්න. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න පාර්ලිමේන්තුවේ 225ටම බලයක් නැති බව තමුන්නාන්සේ තේරුම්ගන්න”

Related posts

පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතිය පිළිබඳව බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් විවේචනාත්මක අදහස්

Shiran Viraj

රනීඊඊඊඊඊල් රනිල් සොයා දුවයි…

Shiran Viraj

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

Shiran Viraj