25.6 C
Colombo
September 19, 2026
Local NewsNews

බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…

මුලතිව් පොලිස් වසමට අයත් මුල්ලියාවලෙයි කැලෑබද ප්‍රදේශයකින් එල්.ටී.ටී.ඊ. ආර්.පී.ජී. බෝම්බ සහ මෝටාර් බෝම්බ 8 ක් සොයාගත් බවට පොලීසිය පවසයි.

මුලතිව් පොලිස් නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මුල්ලියාවලෙයි කැලෑබද ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ ආර්.පී.ජී. බෝම්බ 05 ක් සහ සහ මෝටාර්  බෝම්බ 03 ක් හමු වී ඇත.

මෙම බෝම්බ තොගය යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂිතව වලදමන්නට ඇති බවටත් සොයාගත් බෝම්බ තොගය පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම් දී අධිකරණ නියෝගයක් ලබාගෙන මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහයෙන් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

වාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා.. ඉන්ධන අර්බුදය දරුණුම තැන… ශ‍්‍රී ලංකාව භයානක අඩියට..

Shiran Viraj

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj

ජාතික රෝහලේ රුපියල් මිලියන 2500 ක ප්‍රතික්‍රියක වංචාව යටගැසීමේ උත්සාහයක් ගැන චෝදනා

Shiran Viraj