26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

විරෝධතාකරුවෝ බැරියර් කඩාගෙන පාර්ලිමේන්තුව දෙසට.. තත්වය උණුසුම්..

පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන විරෝධතා පාගමනක් බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියි.

මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව පිවිසුම සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇතත් විරෝධතාකරුවන් ඒවා බිදගෙන ඉදිරියට යාමට කටයුතු කර ඇත.

ඒ ආසන්න මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇතිව තිබේ.

පොලිසිය ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

පොලිස් කැරලි මර්ධන ඒකක මෙන්ම ජල ප‍්‍රහාරක රථද කැදවා ඇත.

විරෝධතාවය පවත්වන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.

Related posts

මාතලේ බෝක්කුවක් අසලන් ගිනි අවියක් හමුවෙයි

Shiran Viraj

තවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයි

Shiran Viraj

ජනපතිගෙන් රේගුවට රතු එළියක්

Shiran Viraj