30.6 C
Colombo
June 2, 2026
NewsPolitical

පොහොට්ටුව ජනපතිට එරෙහි විරෝධතා.. අරලිය මැදුරට මහ පිරිස් කැදවයි…

ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා එම පක්‍ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් හෙට දිනයේ කැඳවා තිබේ.

එහිදී එම ජනාධිපති ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිත බවත් පවතින තත්ත්වය මත පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් වහා කැඳවීමට නියමිත බවත් පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

නමුත් එකී සාකච්චාව පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමෙන් පසු රට පාලනය කරගෙන නිසි ක්‍රමවේදයක් ඇත්නම් ඉල්ලා අස්වීමට සූදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේදී සදහන් කර ඇත.

මේ අතර හෙට දිනයේ අරලියගහ මන්දිරය ඉදිරිපිටට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැසක් කැඳවා තිබේ. ‘අගමැති මහින්ද රැකගනිමු’ යන තේමාවෙන් අගමැතිවරයාට සහාය පල කරමින් සිදු කරන විරෝධතාවක් සදහා මෙම කැඳවීම කර ඇත.

Related posts

රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..

Shiran Viraj

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Shiran Viraj

වාහන දුම් සහතික සමාගම් වල සහතික බොරු.. දුම් පරීක්‍ෂාව ලංගම යටතට…

Shiran Viraj