26.1 C
Colombo
September 17, 2026
NewsPolitical

රනිල් පත් කිරීමෙන් දේශපාලන අර්බුදයක්.. රනිල් අවුලක…

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමඟ තවත් දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබේ.

ඒ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තහවුරු කර ගැනීමේ බරපතළ අර්බුදයකට මුහුණ පා සිටීමත් සමගයි.

විපක්ෂයේ සිටින සියළු පක්ෂ නව අග්‍රාමාත්‍යවරයා ට සහාය දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ආණ්ඩුවේ සිට ස්වාධීන කණ්ඩායම් පවසා ඇත්තේ රට අරාජික කිරීමට කිසිදු සහක් නොදෙන බවත් ආණ්ඩුව විසින් ගන්නා හොඳ තීරණ වලට පමණ් සහාය දෙන බවත්ය.

මේ අතර 17 වැනිදා පාර්ලිමේන්තුව යලි රැස් වූ පසු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසය තමාට පවතින බව තහවුරු කළ යුතුයැයි පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් යෝජනා කිරීමට සූදානම් වේ.

තමා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇතැයි අග්‍රාමාත්‍යවරයා තහවුරු කිරීම සම්ප්‍රදායක් බැවින් ඒ අනුව මන්ත්‍රීවරුන් වැඩි පිරිසගේ කැමැත්ත විමසිය යුතු බව ද මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවයි.

Related posts

රට විරුවෝ ලංකාව ඔසවති.. වාර්තාගත ඩොලර් ප‍්‍රමාණයක් එවති..

Shiran Viraj

මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම්

Shiran Viraj

කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට

Shiran Viraj