28.4 C
Colombo
July 12, 2026
Local NewsNews

ගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉවත් වන්නැයි ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමත් සමග සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විසින් අමාත්‍යවරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

තමන් ධුරයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයාට හැකියාවක් නැතැයිද සභාපතිවරයා පවසා ඇතැයිද එම මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් සංස්ථා අධ්‍යක්‍ෂවරයෙකු පවසා ඇත්තේ එම තොරතුරු අසත්‍ය බවත් සභාපතිවරයා වැඩි වශයෙන් අද අද දිනයේ කාර්යබහුල වී සිටි නිසා සාමාන්‍ය වැඩකටයුත්තක් කරරගැනීමට වෙලාවක් හෝ නොතිබූ බවය.

රජයේ සියලු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට එම ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා අද දැනුම් දී ඇත.

Related posts

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇගවීමක්…

Shiran Viraj

මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්ත

Shiran Viraj

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

Shiran Viraj