27.2 C
Colombo
January 31, 2026
Local NewsNews

ගෑස් අවශ්‍ය අය ලියාපදිංචි කරයි..

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් පාරිභෝගිකයන් ලියාපදිංචි කිරිමේ වැඩසටහනක් අඹගමුව ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් (30) දින හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේදි සිදු කෙරිණ.

හැටන් දික්ඔය නගර සභාව , හැටන් පොලිසියේ සහයෝගය ඇතිව හැටන් නගර සභා සිමාවේ අවට ග්‍රාමසේවා වසම් පහක පදිංචිකරුවන් මෙසේ ලියාපදිංචි කිරිම සිදු කෙරිණ.

ජාතික හැදුනුම්පත , පදිංචිය තහවුරු කිරිමට අවශ්‍ය විදුලි බිල්පත ,ජල බිල්පත මෙම ලියාපදිංචිය අනන්‍යතාවයේ තහවුරු කිරිම සදහා අනිවාර්ය කර තිබුණි.

නගර සභා සිමාවේ කුලි පදනම මත පදිංචි වි සිටින ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් භාවිතා කරන අයද මෙම ලියාපදිංචි කිරිමට ඇතුලත් කර ගනු ලැබුහ.

ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ නාම ලේඛනයක් එම පාරිභෝගිකයන් පදිංචි ආසන්නතම ගැස් අලෙවි නියෝජිතයා වෙත නිකුත් කිරිමෙන් අනතුරුව එම පාරිභෝගිකයන්ට මසකට එක් ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් ලබාදිම සදහා පාරිභෝගිකයන් ලියා පදිංචි කර ලියාපදිංචියේ පිටපතක් පාරිභෝගිකයන් වෙත ලබාදිම මෙහිදි සිදුකෙරිණ.

ගැස් සමාගම් විසින් හැටන් නගරයට නිකුත් කරනු ලබන ගෘහස්ථ ගැස් සිලින්ඩර් හැටන් නගරයේ ඇතැම් ආපනශාලා හිමියන් සහ ජාවාරම්කරුවන් පිරිසක් විසින් සංවිධානාත්මකව එක්රැස් කිරිම තුලින් පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩරයක් මිල දි ගැනිමට නොහැකි විම හමුවේ මෙම ලියාපදිංචි කිරිම සිදු කර සාධාරණ ලෙස පාරිභෝගිකයන්ට ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් ලබා දිම අරමුණ බවයි හැටන් දික්ඔය නගර සභාව කියා සිටියේ.

හැටන් නගර සභා සිමාවේ ආපනශාලා වලටද ඔහුන්ට අවශ්‍ය ගැස් නිකුත් කිරිමට වෙනම ක්‍රමවේදයක් හදුන්වා දි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

Shiran Viraj

මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.

Shiran Viraj

නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයි

Shiran Viraj