April 2, 2026
Local NewsNews

ඉන්ධන ඉල්ලා පාර වසා විරෝධතා….

භුමිතෙල් ලබාදෙන ලෙස බල කරමින් හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පැය 3 ½ කාලයක් අවහිර කරමින් උද්ඝෝෂණය කිරිමෙන් අනතුරුව (25) දින පස්වරුවේ එම ඉන්ධන පිරවුම්හලට කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයෙන් භුමිතෙල් ලිටර් 6600 ක් නිකුත් කෙරිණ.

එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබිමත් සමග පාරිභෝගිකයන් යලිත් දුවගෙන විත් ඉන්ධන පිරවුම්හල අසල පොලිම් වලට එකතු විය.

හැටන් පොලිසියේ නිලධාරින් හැටන් ප්‍රදේශයේ සිවිල් සංවිධාන සමග එක්ව විදුලි බිල්පත පරික්ෂා කර එක් පවුලකට රු 300 ක (ලිටර් 3 ½ ) භුමිතෙල් නිකුත් කිරිම පියවර ගැණින.

හැටන් පොලිසියේ නිලධාරින් සහ සිවිල් සංවිධාන නිලධාරින් එක්ව භුමිතෙල් නිකුත් කිරිමට ටොකන්පත් ලබාදිමේදි පාරිභෝගිකයන් සහ පොලිස් නිලධාරින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

විධිමත් ආකාරයට පොලිම් වල රැදි සිටින පාරිභෝගිකයන්ට භුමිතෙල් නිකුත් කිරිමට හැටන් පොලිසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සිය ප්‍රසාදය පල කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..

Shiran Viraj

ලොක්ඩවුන් කිරීමට පැය කිහිපයකට පෙර ” වියානා නුවරට” එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය(PHOTOS)

Shiran Viraj

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Shiran Viraj