July 3, 2026
Local NewsNews

ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම බරපතළ ගැටලුවක් වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

23 වනදා මෙරටට එන බව පැවසූ තෙල් නැව ඇනවුම් කිරීමේදී ණයවර ලිපියේ ගැටළුව බලපෑ බව ද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය මත අත්පිට මුදලට පමණක් ඉන්ධන ගෙන්වා ගැනීමට සිදුව තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි කාල සීමාවේ ඉන්ධන අර්බුදය වඩා බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවණු ඇති බවද ඔහු පැවසීය.

මීළඟ ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් පවා නිශ්චිතව කිව නොහැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

කොළඹ බලශක්ති අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…

Shiran Viraj

පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..

Shiran Viraj

සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

Shiran Viraj