26.7 C
Colombo
May 26, 2026
Local NewsNews

එන සතියේ රෝහල් පද්ධතිය බිද වැටෙයි.. ඉන්ධන නෑ…

පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළඹෙන සතියේ සිට සෞඛ්‍ය සේවය කඩාවැටීමට ඉඩ ඇතැයි අන්තර් විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකමුතුව කියා සිටී.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය සුනන්ද පෙරේරා මහතා කියා සිටින්නේ වෛද්‍යවරුන්ටත් කාර්යමණ්ඩලවලට රෝහල්වලට පැමිණීමට ඉන්ධන අර්බුදය හේතුවෙන් හැකියාවක් නොමැති තත්ත්වයක් උදා වී ඇති බවයි.

සිකුරාදා දිනය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව නිවේදනය කර ඇති බවත් ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ජනතාවගෙන් ආයාචනා කර සිටින බවත්ය.

පවතින අර්බුදය හමුවේ වෛද්‍යවරුන්ට ගෙදරට වී සිටීමට හැකියාව ඇති නමුත් එසේ නොකර ජනතාව වෙනුවෙන් රෝහලට පැමිණීමට ඉන්ධන පෝලිම්වල සිටීමට සිදුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා සඳහන් කරන්නේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි නිසා බොහෝ රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පුද්ගලික වාහන වලින් සේවයට වාර්තා කරන බවයි.

එනිසා ඉන්ධන පිරවුම්හල්වල දී රෝහල් කාර්ය මණ්ඩලයට සහයෝගය ලබාදෙන ලෙස ආයාචනා කර සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

Shiran Viraj

මාතලේ බෝක්කුවක් අසලන් ගිනි අවියක් හමුවෙයි

Shiran Viraj

බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..

Shiran Viraj