April 20, 2026
Local NewsNews

ලංකාව ජපානයේ බිලියන තුනක ණය ගෙවීම පැහැර හැරලා.. එනිසා තව ලොකු ණය නෑ..

ජපානයෙන් ලබාගත හැකි සහයෝගය කුමක්ද යන්න සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත්‍ර්‍රීවරුන් අද ජපාන තානාපතිවරයා හමුවිය.

ඉන් අනතුරුව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍යවේදීන් හමුවේ දැක්වූ අදහස් පහතින්..

“පාර්ලිමේන්තුවේ ඉන්න නිර්පාක්ෂික ස්වාධීන මන්ත්‍රීවරු හැටියට අපි ජපන් තානාපතිතුමා හමු වුණා. ජපානය කියන්නේ අපිට අවුරුදු හැත්තෑවක් කිසිම දේශපාලන කොන්දේසියකින් තොරව උදව් කරපු රටක්. ඒ නිසා මේ අමාරු අවස්ථාවේදී, අසීරු අවස්ථාවේදී ජපානයේ උදව් අපිට ඉතාම අවශ්‍යයි. විශේෂයෙන්ම අපේ ඖෂධ ප්‍රශ්න, ආහාර ප්‍රශ්න, මුදල් ප්‍රශ්න විසඳගන්න. ඒ වගේම දිගුකාලීන වශයෙනුත් මධ්‍යකාලීන වශයෙනුත් අපිට අවශ්‍යයි. ඉතින් අපිට එතුමන්ලාට තියෙන ගැටලුව ජයිකා ආයතනය විසින් අපිට දීපු බිලියන තුනක පමණ ණය අපි ගෙවීම පැහැර හැරලා තියෙනවා අප්‍රේල් 12 වෙනිදා ඉදන්. ඉතින් ඒ නිසා විශාල ණය ප්‍රමාණයකට ඉඩකඩක් නැහැ. නමුත් යම් යම් ක්ෂේත්‍රවලට අපි එතුමන්ලාගේ අවධානය යොමු කළා. විශේෂයෙන්ම අද අපේ ජනතාවට අවශ්‍ය කරනවා පාපැදි, විදුලි බලයෙන් පාවිච්චි වෙන පාපැදි වගේ දේවල්. විදුලි බලයෙන් දුවන වාහන, ඒ වගේම සූර්ය බලය, රැකියා, විශේෂයෙන් වෘත්තීයවේදීන්ට ඇතුළු විශාල පිරිසක් රැකියා අහිමි වෙලා තියෙනවා. අනිත් අයටත් ආදායම් ලබාගන්න. ඒ වගේ ක්ෂේත්‍ර ගැන කටයුතු කරන්න කියන අපේ රටට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය මූල්‍ය සාධක ලබා දෙන්න කියන එක.

ඒ ගැන එතුමන්ලා ඒ ආණ්ඩුවත් එක්ක ධනාත්මකව කටයුතු කරන බව අපට පොරොන්දු වුණා.
ප්‍රශ්නය :

සරලවම කතාව ධනවත් රටවල් කරන්නේ අතිරික්තයක් තිබුණත් එක්කෝ මුහුදට දාලා හරි විනාශ කරන එකනේ. ඒකනේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය. ඒ වුණත් දුප්පත් රටවලට උදව් කිරීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒක තමයි සම්ප්‍රදායය. සාමාන්‍යයෙන් වෙන විධිය.

අඩු ම ගානේ මේ රටක් විදිහට මොකක් හරි හුවමාරු ක්‍රමයක් හරි අපේ සම්පත් මෙහෙම මෙහෙම ගැන කතා කරන්න හැකියාවක් නැද්ද මෙහෙම?

නෑ වෙලා තියෙන ප්‍රශ්නේ ජපානය අපිට උදව් කළා. කිසිම දේශපාලන හේතුවකින් තොරව අපිට ඇත්තට ප්‍රදානයනුත් කරලා තියෙනවා. ණයත් දීලා තියෙනවා. ඉතාම අඩු පොළී ණය. දශම එකේ පොලියට. ප්‍රශ්නෙ තියෙන්නේ අපි ඒ ණය පැහැර හැරියානේ ගෙවීම. ඉතින් ඒ නිසා ඒ රටේ ජනතාව පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ ඒ ආයතන. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට අසීරුතාවයක් තියෙනවා. නමුත් අපිට උදව් කරන්න ඉදිරියේදී ඒ අය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

– Media unit

Related posts

ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…

Shiran Viraj

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Shiran Viraj

විදුලි ගාස්තුවිදුලි ගාස්තුවලට කරන දේ කියන්නේ ජනවාරි 17ලු..වලට කරන දේ කියන්න

Shiran Viraj