June 4, 2025
Local News News

අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් අතරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙම ගොඩනැගිලි වල දේපළවලට සිදුවී ඇති හානි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මෙම ඇඟිලි සලකුණු හඳුනාගෙන ඇති බවයි.

එම ඇඟිලි සලකුණු පොලිස් අපරාධ ලේඛනාගාරයේ ඇති අපරාධකරුවන්ගේ ඇඟිලි සටහන් සමග සසැදෙන්නේ යන්න සොයා බලමින් සිටින බව ද වාර්තා වෙයි.

මෙම ඇඟිලි සටහන් දැනටමත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.

Related posts

තෙල් මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි අපහසුතාවයෙන්.. සහන දෙන හැටි ජනපති කියයි..

Shiran Viraj

ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..

Shiran Viraj

ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…

Shiran Viraj