26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

ජවිපෙ ආණ්ඩුවක් යටතේ සතියකින් ඉන්ධන ප‍්‍රශ්ණය විසදනවා.. වැඩි ඩොලර් ඉතිරිත් වෙනවා..

ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ සතියක් ඇතුළත මෙරට ඉන්ධන ප්‍රශ්නය විසඳීමට හැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මෙරටට මාසයකට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 430ක් අවශ්‍ය බවත් පවසන ඔහු සාමාන්‍යයෙන් විදෙස්ගත ලාංකිකයන් හරහා ඩොලර් මිලියන 650-700ක් පමණ මෙරටට ගෙන්වා ගත හැකි බවත් පෙන්වා දෙයි.

එම මුදල නිසි පරිදි ගෙන්වා ගත හැකි වූයේ නම් ඉන්ධන සහ ගෑස් ආනයනය කර තවත් මුදලක් ඉතිරි වන බව ද හෙතෙම කියා සිටී.

දැනට විදෙස්ගත ලාංකිකයන් එවන්නේ ඩොලර් මිලියන දෙසීයක පමණ මුදලක් වන නමුත් ඔවුන් විශ්වාස කරන ආණ්ඩුවක් බලයට පත්වූ නැවතත් රටට පුරුදු ලෙස ඩොලර් ගලා එන බවත් ඔහු පැවසීය.

Related posts

ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක්

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj

අද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්න

Shiran Viraj