31.1 C
Colombo
July 8, 2026
International NewsNews

චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..

චීනයේ දැඩි විරෝධතාවය නොතකමින් ඇමරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය තායිවානයට ගොඩ බැස තිබේ.

ඒ හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුළුවා ලීමේ අවධානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තායිවානයේ තමන්ගේ රජයේ කොටසක් වශයෙන් චීනය සලකන අතර එක්සත් ජනපදය විසින් මෙම ගුවන් ගමන හරහා නායිවානය විශාල ජාත්‍යන්තර පිලිගැනීමක් ලබා දෙන බවද මාධ්‍ය වාර්තා පළ කරයි.

ඇමරිකානු නියෝජ්‍ය කතානායකවරිය තායිවානයට ගොඩ බැසීමට පෙර චීන යුද ගුවන් යානා කිහිපයක් තායිවාන ගුවන් සීමාව හරහා ගමන් කර ඇත්තේ ඇමරිකානු නියෝජ්‍ය කතානායකවරිය තායිවානයට ගොඩ බැසීමට විරෝධය පල කිරීමටයි.

ගොඩ බැසීමෙන් පසු චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙමගින් ඇමරිකාවට දැඩි ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.

මෙය චීනයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් සේ සලකන බව චීන විදේශ අමාත්‍යාංශය කියා සිටියි.

චීනය තම ස්වෛරීභාවය වෙනුවෙන් අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගනු ඇති බවත් ඉන් පැන නගින සියලුම ප්‍රතිවිපාක ඇමරිකානු පාර්ශ්වය සහ තායිවානයේ බෙදුම්වාදී බලවේග විසින් දැරිය යුතු බව ද චීනය ප්‍රකාශ කර තිබේ.

Related posts

රස සහ රුව අපට ඉති­රි­කර අපෙන් සමු­ගත් ශාන්තා

Shiran Viraj

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

Shiran Viraj

අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් විවෘත කෙරේ..

Shiran Viraj