April 2, 2026
Local NewsNews

මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හතරක්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 6යි අගල් 10ක් පහලින් පවතින බවත්ය.

මේ වන විට මෙම ජලාශවල ජලය උපයෝගි කර ගෙන විමලසුරේන්ද්‍ර, කැනියන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලිබලාගාරවලින් උපරිම ලෙස ජල විදුලිය නිපදවිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

Shiran Viraj

භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

Shiran Viraj

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්….

Shiran Viraj