31.1 C
Colombo
June 9, 2025
Local News News

අයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…

අයවැය හිගය පියවීම සඳහා සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ රටේ හොරු ඇල්ලීමේ වගකීම බොරු විසින්ම බාරගෙන ඇති බවත් එනිසා කිසිදාක හොරු ඇල්ලීමක් සිදු නොවන බවත්ය.

ජනතාව නායකයන් පත් කරන්නේ හොරු ඇල්ලීමට බවත් දැන් කරන්නේ බලය අරගෙන හොරුන් ආරක්ෂා කිරීම බවත් කිසිවෙකුගෙන් ජාතික වගකීම ඉටු නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙරට දේශපාලකයන්ගේ හොරකම් ඇල්ලීමට ජාත්‍යන්තර කොමිෂන් සභාවක් පත් කළ යුතු බව පවසන උන්වහන්සේ මෙම දේශපාලන ප්‍රතිපත්තිය නැවැත්වීමට ජාත්‍යන්තර සහාය ලබාගත යුතු බවද කියා සිටියහ.

Related posts

මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනී

Shiran Viraj

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

Shiran Viraj

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්

Shiran Viraj