25.6 C
Colombo
September 19, 2026
Local NewsNews

අයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…

අයවැය හිගය පියවීම සඳහා සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ රටේ හොරු ඇල්ලීමේ වගකීම බොරු විසින්ම බාරගෙන ඇති බවත් එනිසා කිසිදාක හොරු ඇල්ලීමක් සිදු නොවන බවත්ය.

ජනතාව නායකයන් පත් කරන්නේ හොරු ඇල්ලීමට බවත් දැන් කරන්නේ බලය අරගෙන හොරුන් ආරක්ෂා කිරීම බවත් කිසිවෙකුගෙන් ජාතික වගකීම ඉටු නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙරට දේශපාලකයන්ගේ හොරකම් ඇල්ලීමට ජාත්‍යන්තර කොමිෂන් සභාවක් පත් කළ යුතු බව පවසන උන්වහන්සේ මෙම දේශපාලන ප්‍රතිපත්තිය නැවැත්වීමට ජාත්‍යන්තර සහාය ලබාගත යුතු බවද කියා සිටියහ.

Related posts

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Shiran Viraj

කුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…

Shiran Viraj

ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි

Shiran Viraj