30.6 C
Colombo
July 5, 2026
NewsSportsSports News

ලෝක කුසලානයට ගිය ධනුෂ්ක ස්ත‍්‍රි දුෂණ චෝදනා මත අත්අඩංගුවට.. ‘ගැම්මක් තමයි’.

20-20 ලෝක කුසලානයට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියා බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ත්‍රී දූෂන චෝදනා එල්ල කරමින් කාන්තාවක් විසින් කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක ආබාධයක් හේතුවෙන් දින කිහිපයක සිට සංචිතයෙන් ඉවත් ව සිටියද ඔහු ශ්‍රී ලංකාවට ආපසු එවීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කර නැත.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

මෙවර ලෝක කුසලානයේ ස්ත‍්‍රි දුෂණ චෝදනාවකට අත්අඩංගුවට ගත් එකම ක‍්‍රීඩකයා ධනුෂ්ක ගුණතිලක වන අතර එයද මෙවර ලෝක කුසලානයේ වාර්තාවකි.

ලෝක කුසලානයට අදාල ශ‍්‍රී ලංකා තේමා ගීතය ‘ගැම්මක් තමයි’ ලෙස නිර්මාණය කර ඇත.

Related posts

කෘෂිකර්මයට නව තාක්ෂණය මුසු කරන හැටි ගෝඨා පෙන්වයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..

Shiran Viraj

පෙට්ට්‍රල්, ඩීසල් වලටත් වැට් බද්ද.. මිල 10%කින් ඉහලට..

Shiran Viraj