26.1 C
Colombo
May 26, 2026
Local NewsNews

වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…

වතු ආශ්‍රිතව ජීවත් වන තරුණ තරුණියන්ගේ සහ විවිධ වයස්වල අඩු ආදායම්ලාභී ජනතාව තෝරා ගෙන ඉතා රහසිගතව තැරැව්කරුවන් මඟින් සිදු කරන වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු මාතලේ, උකුවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

එක වකුගඩුවක් රුපියල් ලක්ෂ තුනත් පහත් අතර මුදලකට මිලදී ගැනීම් සිදු වන බව ඔවුහු පෙන්වා දෙති. මෙසේ ශරීරයේ අවයව අලෙවි කරන ජාවාරමේ බරපතළම තත්ත්වයක් මේ වන විට මතුව ඇති අතර එසේ වකුගඩු අලෙවි කිරීම නිසා මේ වන විට එම ප්‍රදේශයේ බහුතරයක් දෙනා රෝගීන් බවට පත්ව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇත.

පවතින ආර්ථික දුෂ්කරතාව නිසා වතු ජනතාව තම වකුගඩුව අලෙවි කිරීම සිදු කරන බවත් ජීවිතය පවතිනතුරු එම අය සඳහා විවිධ උදව් උපකාර කරන බවට පොරොන්දු වුවද අවසානයේ වකුගඩුව ගලවා ගැනීමෙන් පසු තැරැව්කරු විශාල මුදලක් ලබාගෙන ඉතිරි මුදල කොටස් වශයෙන් හෝ තමන්ට ලබා දී ඉන් පසුව වකුගඩුව මිලදී ගන්නා පුද්ගලයා තමන් දෙස කිසිදු අවධානයක් යොමු නොකරන බව වකුගඩු අලෙවි කළ උකුවෙල ප්‍රදේශයේ ජනතාව පවසති.

මේ වන විට උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතු ජනතාව අතරින් සියයකට අධික පිරිසක් වකුගඩු අලෙවි කොට තිබෙන බවත් ඇතැම් අය රැකියාවක් කර ගැනීමට නොහැකිව අන්ත අසරණ වී ඇති අතර, ඔවුන්ගේ පවුල්වල විවිධ ගැටලු ප්‍රශ්න පැන නැඟී සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයට පවා මුහුණ දී ඇතැයි වකුගඩු අලෙවි කළ පවුල්වල සාමාජිකයෝ මෙන්ම අ‍ෙලවි කළ පිරිස් පෙන්වා දෙති. වකුගඩු අලෙවි කළ පුද්ගලයන් සොයා අප උකුවෙල ප්‍රදේශයේ වතු ආශ්‍රිත ගම්මාන කිහිපයක ගමන් කිරීමේදී එහි බොහෝ දෙනා තම වකුගඩුව අලෙවි කළ බව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කළ අතර ඔවුන්ට සිදුව ඇති හානිය පිළිබඳ කතා කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

සීගිරිය විශේෂ

Related posts

අවදානම ඉහලට.. ඇල්ල වැල්ලවාය පාර වසා දමයි..

Shiran Viraj

පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

Shiran Viraj

2017 අවසන් වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයි

Shiran Viraj