28.4 C
Colombo
September 19, 2026
Local NewsNews

රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..

නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය සතුව දිවයිනේ ප්‍රධාන නගරවල පිහිටි ඉහළ වෙළඳපොළ වටිනාකමක් සහිත ඉඩම් හා ගොඩනැඟිලි අක්කර 1,008ක් පමණ ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මේ වනවිටත් උපරිම භාවිතයට යොදාගෙන නොමැති ඉහළ වෙළඳපොළ වටිනාකමක් සහිත එවැනි ඉඩම් ජාතික සැලැස්මකට අනුව රාජ්‍ය  හා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ වනවිටත් නාගරික සංවර්ධන අධිකාරිය සතු දිවයිනපුරා පිහිටි ඇතැම් ඉඩම් විවිධ පිරිස් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබේ.

එහෙත් ඉඩම් බැංකුවක් සකසා ඉඩම් නිසි පරිදි ලැයිස්තුගත කිරීම මගින් ඉඩම් අවභාවිතාවීම වැළැක්වීම මෙන්ම එම ඉඩම් වලින් නිසි ප්‍රයෝජනයක් ලබාගනිමින් රටේ ආර්ථික වර්ධනයට ඒවා දායක කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉඩම් සංවර්ධනය කිරීමත් සමඟ ආයෝජන ආකෘතියට යම් නම්‍යශීලී බවක් ලබාදීම, නම්‍යශීලී ගෙවීම් යටතේ ආයෝජකයාට ඉඩම බදු දීම වැනි දිරිගැන්වීම් කිහිපයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වාදී තිබේ.

ප්‍රදීප් අනුර කුමාර

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදා

Shiran Viraj

ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….

Shiran Viraj

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

Shiran Viraj