February 2, 2026
NewsPolitical

‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..

වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලීගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැ. 21) සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේදී හමුවක් පවත්වා තිබිණි.

අප වාර්තාකරු සඳහන් කළේ, අදාළ හමුවට සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් සහ එම අමාත්‍යංශයේ නිලධාරීන් විනාඩි 30ක් ප්‍රමාද වී පැමිණි බව ය.

එහිදී චෝ සුං ලී “වේලාවට වැඩ කිරීම” සම්බන්ධයෙන් රැස්ව සිටි පිරිස දැනුවත් කළේ මෙලෙසිනි.

“මිස්ටර් සමන් සහ මිස්ටර් රංග දැන් දින කිහිපයක් පුරාවට අපි පුහුණු වැඩ කටයුතු කරනවා. විනාඩි 5ක් පරක්කු වුණ ත්… තවදුරටත් හරියට වැඩ කරන්නේ නැතුව ඉන්නවා ද? ඇත්තට ම හරියට වැඩ කරන්න ඕනේ. පොරොන්දු ඉෂ්ට කරන්න බැරි නම් තවදුරටත් මම මුණගැහෙන්න යන්නේ නෑ. මේ බොරුව කියන්නේ මොකක් ද? 9ට මුණ ගැහෙනවා කිව්වොත්, 9.30ට ආවොත් ඒක බොරුවක් නෙවෙයි ද? ඒ වගේ කෙනෙක් මොකට ද මම මුණ ගැහෙන්නේ?

එංගලන්ත කියමනක් තියෙනවා, බොරු කියන මනුස්සයාගේ සිත තුළ වැසිකිළියක්වත් හදන්න එපා ලු. ඒ අනුව, එංගලන්ත ජාතිකයන් බොරුවක් කිව්වොත් ඒක නිකම් පිහියක් වගේ. එයා කපල ම දානවා. එක විනාඩියක් රක්ෂා කරන්න බැරි වුණොත් වෙලාව, කපලා දානවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඒ වගේ දේවල් බත් කනවා වගේ, සාමාන්‍ය බවට පත් වෙලා. මම හින්දා මේ දේවල් කියනවා මිසක ඔය සාමාන්‍ය ම දෙයක් තමයි පොරොන්දු කඩ කිරීම. ජාතියක් හැටියට අපි ලජ්ජා වෙන්න ඕනේ මේ වගේ දේවල් අහන්න. විදේශිකයෙක් ඇවිල්ල මේ කාරණාව ගැන කියන එක අපිට ලජ්ජාශීලී කාරණාවක්.

දැන් මේක අපේ සංස්කෘතියක් වෙලා. මේක වෙනස් කර ගන්න බැරි වුණොත් විදේශියකයන් සමග අපිට සම්බන්ධයක් පවත්වන්න බැහැ. බිස්නස් ඉවරයි එතනින්. මේක වෙනස් කරන්න ඕනේ. ඉතා ම වැදගත් කාරණාවක් මේක. මේක තමයි ඒ කාරණාව. අවංකව, සාධාරණව අපි වැඩ කරන්න ඕන. සත්‍යවාදී විධියට. ඒ වගේ ම තමන්ට යුතුකමක් වගකීමක් පැවරිලා තියෙනවා නම් ඒක පිළිබඳව 100% වගකීම, යුතුකම භාර ගන්න ඕනේ. යම් කිසි වැඩක් භාර දුන්නා ම, ඒකට වගකියන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.”

– Mawbima

Related posts

බුරියානි දීලා නගර සභා පාලනය කරන්න බැහැ: කොළඹ අයවැය පරාජය ගැන මුජිබර් රහුමාන්

Shiran Viraj

‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..

Shiran Viraj

අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..

Shiran Viraj