July 3, 2026
Local NewsNews

ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයෙක් මිය යයි…

ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 23ක් වයැසැති තරුණයකු හදිසියේ අසනිපවී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ඊ. ඒ.පි.එස්. වීරසේකර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ කන්දකැටිය ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයකු ශ්‍රිපාදය දක්වා ගමන් කරන විටදි 25වන දින අළුයම ඉදිකටුපාන ප්‍රදේශයේදි හදිසියේ අසනිපව මස්කෙළිය රොහලට ඇතුලත් කිරිමෙන් පසු ගොස් ඇති බවත්ය.

කන්දකැටිය මීගහකිවුල කරමැටිය පදිංචි අවුරුදු 23ක් වයසැති කේ. එම්. ජනිත් කාවින්ද යන අය මෙසේ මිය ගොස් ඇති බවත් එම තරුණයාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විම සදහා මල සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ගෙන ගොස් ඇති බව වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

නාමල් රටින් පලා යයිද…

Shiran Viraj

හඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයි

Shiran Viraj

අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…

Shiran Viraj