31.1 C
Colombo
June 9, 2025
Local News News

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

වසර 4 කට ආසන්න කාලයක් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කල ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාට උපහාර පිදිමේ උත්සවයක් (25) දින පස්වරුවේ බගවන්තලාව විවේකාරාම විහාරස්ථානයේ රැස්විම් ශාලාවේදි සිදු කෙරිණ.

වසර හතරක කාලයක් බගවන්තලාව ප්‍රදේශයට ශාන්ත බණ්ඩාර මහතා විසින් සිදු කල මෙහෙවර වෙනුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ ජිවත් වන සිංහල , දමිල , මුස්ලිම් ප්‍රජාව විසින් මෙම උපහාර පිදිමේ උත්සවය සංවිධානය කර තිබුණි.

ශාන්ත බණ්ඩාර මහතා හැටන් පොලිස් කොට්ඨශයේ සිට නුවරඑලිය පොලිස් කොට්ඨාශයට අයත් ආගරපතන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කිරිමට පොලිස් මුලස්ථානය විසින් ස්ථාන මාරුවිම ලබා දි ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක්…

Shiran Viraj

08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..

Shiran Viraj

විදුලි සංදේශ බදු සහන තවමත් අන්තර්ජාල ගාස්තුවලට ලැබි නෑ…

Shiran Viraj