26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

මත්ද්‍රව්‍ය හෝ සමාජ විරෝධී චෝදනා ඇති අයට අපි නාමයෝජනා දෙන්නේ නෑ…

ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ හෝ වෙනත් සමාජ විරෝධී කිසිවක් සඳහා චෝදනා එල්ල වී සිටින පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදෙන බවට ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම පොලිසියට කිසිදු බලපෑමක් සිදු නොකිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ද හෙතෙම පැවසීය.

එසේම ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ද මෙවන් කටයුතු පිළිබඳව පොලිසියට බලපෑම් කරන්නේ නම් ඒ පිළිබඳව තමන් දැනුවත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය.

Related posts

CEB සේවකයන් 24,000ක් ඉවත් කරනවා…

Shiran Viraj

15 හැවිරිදි සිසුවා 11 හැවිරිදි සිසුවියට පිහියෙන් අනී..ලිංගික වලියක්.

Shiran Viraj

ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..

Shiran Viraj