26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

රාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක‍්‍රලේඛයක්..

රජයේ සේවකයන් රාජකාරි කාලය පුරාම ජංගම දුරකථනය යොමු වී සිටින්නේ නම් එය වැළැක්වීම සඳහා චක්‍රලේඛයක් ගෙන ඒමට පියවර ගැනීමට හැකියාව ඇතැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සඳහන් කරයි.

රාජ්‍ය සේවකයන් සමාජ ජාල වල නොසිට සේවයේ යෙදිය යුතු බවත් පෞද්ගලික සේවයේ මෙන් රජයේ රාජ්‍ය සේවයටද ජංගම දුරකථන වෙනම ලොකර් එක දමා යන මට්ටමට රාජ්‍ය සේවය පත් නොකරන ලෙසත් රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ඉල්ලා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ 2023 වසර ආරම්භ කරමින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීම සිදු කිරීමේ අවස්ථාවේදීය.

“විශේෂයෙන් ම තමුන්ගේ දුරකතනය වෙන්නට පුළුවන්… නමුත් උදේ ඉඳන් පටන් ගත්තා ම හවස් වෙනකම් ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් මුළු දවස ම දුරකතනයත් එකක් සම්බන්ධවෙලා ඉන්න එපා.

මොක ද මම දැකලා තියෙනවා මම ගිය ගොඩක් ඒවයේ අර ආපූ මිනිස්සු දිහා බල බල කරන පළවෙනි වැඩේ තමයි දුරකතන ඇමතුම් ගන්න එක, එහෙම නැතිනම් ෆේස්බුක් යන එක. ඒ හින්දා මම දන්නවා පෞද්ගලික අංශයේ අද වෙනකොට, එනකොට ජංගම දුරකතනය ලොකර් එකේ දාලා එන්න ඕනේ. යනකොට තමයි ආපහු දෙන්නේ.

ඒ මට්ටමට මේක අරගෙන යන්නේ නැතිව, අවශ්‍ය වුණොත් ඒ පියවර ගන්න බැරිකමකුත් නැහැ. ඒ නිසා මම හිතන්නේ මෙහෙට විතරක් නෙමෙයි සමස්ත රජයේ සේවයට ම. ඒ කියන්නේ ඒක අධික්ෂණය කළ යුතු වෙනවා.”

Related posts

ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

Shiran Viraj

කොටි හිතවාදීන්ගේ විරෝධතා අතරේ පොදුරද මඬුළු නායකයින්ට ජනපති කියූ කතාව

Shiran Viraj

සෝලා විදුලි ඒකකයක් රුපියල් 16ට අඩු කරන්න යයි..

Shiran Viraj