July 1, 2026
BusinessBusiness NewsNews

විදුලි ගාස්තු වැඩිකලොත් රට පුරා හර්තාල් අරඹනවා.. ජනාධිපති පන්නනවා…

විදුලි බිල ඉහල දැමීම හා විදුලි කප්පාදුව හේතුවෙන් මේ වසරේ අනිවාර්යෙන්ම රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ඇරඹෙන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සඳහන් කරයි.

එහි කැදවුම්කරු රන්ජන් ජයලත් මහතා සඳහන් කරන්නේ එවන් ක්‍රියා මාර්ගයක් ආරම්භ කළහොත් ඊට සහාය පළ කරන්නට වෘත්තීය සමිති සන්ධානය ලෙස සූදානම් බවයි.

විදුලි බිල ඉහළ දැමුවොත් අනිවාර්යෙන්ම ජනතාවගේ කැළඹීම් මතුවන බවත් ඒ හරහා ඔවුන් ඊට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය බවත් ඒ මහතා පැවසීය.

නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණවත් පරිදි රට තුළ ඇතැයි පැවසීම සම්පූර්ණ අසත්‍ය බවත් පැවසූ ගල් අඟුරු නැවු 38ක් පැමිණිය යුතුව ඇතත් මේ වන විට පැමිණ තිබෙන්නේ උපරිම නැව් හයක් පමණක් බවත් කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ගෙදර යාමට සිදු වූයේ විදුලි කප්පාදුව රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වූ නිසා බවත් රනිල් වික්‍රමසිංහ මහතාට ද එය සිදුවිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…

Shiran Viraj

ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට කෝටි සීයක බදු සහනයක්…

Shiran Viraj

කොටි පොලිසියක් හැදූ යාපනය නගරාධිපති අත්අඩංගුවේ…

Shiran Viraj