26.1 C
Colombo
September 17, 2026
NewsPolitical

විදේශ රැකියා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරනවා…

මෙම වසර අවසන් වන විට විදේශ රැකියා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කරන බවත්, ඒ සඳහා වන මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා යාපනයේ දී පැවසීය.

ග්ලෝකල් ෆෙයා 2023 සමාරම්භක ව්‍යාපෘතිය යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් එලැඹෙන පෙබරවාරි 25 සහ 26 දෙදින තුළ පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා…

ඩිජිටල් සිස්ටම් එක සම්බන්ධ අවශ්‍යතාවය කාලාන්තරයක් තිස්සේ තියෙන දෙයක්. ඇයි මේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩවලට කොළඹ ම එන්න ඕනේ කියන එක කාලයක් තිස්සේ අහන දෙයක්. දැනටත් යාපනයේ අපේ කාර්යාලයක් තියෙනවා. එහෙම එන්නේ නැති ව ගෙදර ඉඳල ම කරගැනීමේ අවශ්‍යතාව දැන් තියෙනවා. ඒ නිසා මේ වසරේ දී අපි මේ කාර්යය කරන්න උත්සාහ කරනවා. පහුගිය මාස හයක වගේ කාලය තුළ කම්කරු අමාත්‍යංශය තුළ අපි මේ කාර්යයන් කළා.

විදේශ රැකියා ක්ෂේත්‍රය මේ අවුරුද්ද අවසන් වන විට පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පිටරට සේවා යෝජකයාට අපේ ශ්‍රමිකයෙක් සොයා ගැනීමට අවශ්‍ය වෙද්දී, එහේ ඉඳලා ම අන්තර්ජාලය ඔස්සේ කරගන්න, විදෙස් රැකියාවන්ට අදාළ සියලු කාර්යයන් ඩිජිටල් වේදිකාවක් හරහා ම කර ගන්න අවශ්‍ය මූලික කරුණු කාරණා මේ දිනවල කරමින් ඉන්නවා.

– Media unit

Related posts

රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…

Shiran Viraj

නැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානය

Shiran Viraj

තද සුළං සහ වැසි සහිත කාලගුණයක්

Shiran Viraj