26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන් කිහිප දෙනෙකු අතර වූ උණුසුම් තත්වය පිළිබඳ වාර්ථාවක් විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලා ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍රකුම්රා පොන්නම්බලම් මහතා වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනතා රැස්වීමක් අතරතුරදී එම ස්ථානයේ රැඳී සිටි සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පිරිසක් සමග මෙම උණුසුම් තත්වය ඇතිව තිබේ.

එහිදී මන්ත්‍රීවරයා විසින් එම ස්ථානයේ රැඳී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා හැඳුනුම්පත් ඉල්ලීමේදී පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂෙප කිරීමත් සමග දෙපාර්ෂවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

පසුව පොලිස් නිලධාරියෙකුගේ යැයි සැකකෙරෙන පුද්ගලයෙකුගේ උරහිසින් මන්ත්‍රීවරයා ඇල්ලීමට උත්සහ ගැනීමේදී මන්ත්‍රීවරයාගේ අත විසිකොට එම ස්ථානයෙන් පොලිස් නිලධාරියෙකු බවට සැකකෙරෙන් පදුගලයෙකු පලා යාමට උත්සහ කිරීමත් සමග මන්ත්‍රීවරයා සහ රැස්ව සිටි පිරිස් එක්ව අදාල නිලධාරීන් සමග උණුසුම් තත්වයක් හටගෙන ඇත.

පසුව එම ස්තානයට පැමිණි පොලීසිය විසින් තත්වය පාලනය කිරීමට පියවර ගත් අතර එම සිදුවීම ඇතුලුත් වීඩියෝ පට සමාජ මාධ්‍යන්හීද මේ දිනවල සංසරණය වෙමින් පවති.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටද ගජෙන්දු කුමාර් පොන්නම්බලම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා..

Shiran Viraj

මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

Shiran Viraj

විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්

Shiran Viraj