28.4 C
Colombo
July 31, 2026
BusinessBusiness NewsNews

ධීවරයින්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක බොට්ටු….

ඕස්ට්‍රේලියාවේ ධානපතියෙකු විසින් සූර්ය බලයෙන් බලගැන්වෙන එන්ජිමක් සහිත බොට්ටුවක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවර ජැටිය ප්‍රදේශයේදී හඳුන්වාදීම සිදුවිය.

උතුරේ ධීවරයින්ට ඉන්ධන මිල ඉහලයාම හේතුවෙන් දෛනික ගමන්වාර ප්‍රමාධය අඩුකිරීමට සිදුවීම හා මාලු මිල ගණන් ඉහල දාමීම සිදුවුනද සූර්ය බලයෙන් බලගැන්වෙන බොට්ටු තමන්ට ලැබෙන්නේනම් වැඩි මත්ස්‍ය සම්පතක් ලබාගැනීමට මෙන්ම මත්ස්‍ය කර්මාන්තය හා ආර්ථික දියුණු කරගැනීමටද හැකිවනු ඇතැයි උතුරේ ධීවර සංගම් පෙන්වා දෙයි.

සූර්ය බලයෙන් ක්‍රියාත්මත වන මෙම එන්ජිම අශ්වබල 11 ක ධාරිතාවකින් යුක්තවන අතර එය ධීවරයින් මුහුදේ ගමන්කරන වේගයට සරිලන අයුරින් නිර්මානය කර තිබෙන අතරම මෙම සූර්ය බලයෙන් බලගැන්වෙන බොට්ටු එන්ජිම සෑම බොට්ටුවකටම සවිකිරීමටද හැකි ලෙසින් නිවපදවා ඇත.

ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාංකික මාණිවාසකම් මහතා ඇතුලු පිරිසක් විසින් මෙම සූර්ය බලයෙන් ක්‍රියාකෙරෙන බොට්ටු ව්‍යාපෘතිය ආරම්බ කොට ඇති අතර ඉදිරියේදී එය උතුරේ ධීවර කර්මාන්තයටම හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

මෙමගින් යුද්දයෙන් පසුව උතුරේ නැවත පදිංචි වූ ධීවර පවුල් දහස් ගණනක ආර්ථිකය ශක්තිමත් වීම මෙන්ම කඩා වැටී ඇති මත්ස්‍ය කර්මාන්තයට මහත් ශක්තියක් වනු ඇතැයිද උතුරේ ධීවර සංගම් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

Shiran Viraj

ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවල

Shiran Viraj

අගවිනිසුරුවරයා විශ්‍රාම යයි

Shiran Viraj