April 5, 2026
NewsPolitical

රන් තොගය මුදා හරින්නැයි වජිර බලපෑම් කලේ නෑ.. ඉල්ලීමක් කලා පමණයි..- රේගුව

රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ තොගයක් මුදාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා බලපෑම් නොකළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහතා සඳහන් කරයි.

රේගු ප්‍රධානියාට වජිර අබේවර්ධන මහතා විසින් බලපෑමක් සිදුකර නැති නමුත් විධිමත් ආයාචනයක් සිදුකර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඕනෑම භාණ්ඩයක් රාජසන්තක වීම සම්බන්ධ ඔනෑම කෙනෙකුට සෘජුව හෝ වක්‍රව රේගුවට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද හෙතෙම පැවසීය.

මෙරටට පැමිණි කාන්තාවක් රැුගෙන ආ රුපියල් මිලියන 15ක වටිනාකම වැඩි වටිනාකමකින් යුත් රන් වළලු රන් අභරණ තොගයක් රේගු විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඇයට රුපියල් ලක්ෂයක දඩයක් සමග භාණ්ඩ රාජසන්තක කිරීමට දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් පසුව එම කාන්තාව මේ බව මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාට දැනුම් දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඔහු ඊට අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

එය අභියාචනා කමිටුව වෙත යොමු කිරීමෙන් පසු එම කමිටුවේ නිර්දේශ මත අදාළ රන්භාණ්ඩ නියමිත බදු ගෙවීමට යටත් ව හිමිකාරියට නැවත මුදාහැරීමට තීන්දු කළ බවද කියා සිටී.

මේ අතර රන් භාණ්ඩ නිදහස් කිරීම සම්බන්ධයෙන් සමාජජාලාවල සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

එම කරුණු පිළිබඳ සත්‍යය ඉක්මනින්ම පරීක්ෂණයක් කර රටට හෙළි කරන ලෙස ද මන්ත්‍රීවරයා ඉල්ලා තිබේ.

Related posts

වන අලි මරණවලට විසඳුමක් ලෙස CID මැදිහත්වීමක් – පරිසර අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලයි

Shiran Viraj

GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

Shiran Viraj

අධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….

Shiran Viraj