30.6 C
Colombo
July 6, 2026
Local NewsNews

අධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….

අලුත්ගම බෙන්තොට බල ප්‍රදේශයෙන් හී දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් බෙන්තොට ගං තීරයට සමීපව බෝට්ටු සේවාආයතන පවත්වාගෙන යන ආයතන 20ක කාර්ය මණ්ඩලය ඇතුල පවුල්වල පිරිසක් (29)අලුත්ගම සමුපකාර ඉන්ධනහලෙන් ඉන්ධන නිකුත් කරන්නැයි විරෝධතාවයක නිරත විය.

රථ වාහන වල ඉන්ධන ටැංකි වලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට වගකිවයුතු අංශ ගෙන ඇති තීරණය හේතුවෙන් තමන්ගේ රැකියා කිරීමට අවශ්‍ය ඉන්ධන බෝට්ටු වලට නිකුත් කරන්නැයි ඉල්ලමින් විශාල පිරිසක් අලුත්ගම සමුපකාර ඉන්ධන හල අසල සිට විරෝධය පළ කර අතර ජල ක්‍රීඩා සඳහා භාවිතා කරන අධිවේගී බෝට්ටු ,බෝට්ටු එන්ජින් ඇතුළු උපකරණ ඉන්ධන හලේ රඳවා තබා මෙම පිරිස පැය කීපයක් විරෝධතාවේ නිරත විය.

ඒ හේතුවෙන් යතුරු පැදි, ත්‍රීරෝද රථ වෑන් හා කාර් රථ වලටත් පැය කිහිපයක් මුළුල්ලේඉන්ධන නිකුත් කිරීමට එම පිරිස ඉඩ නොදුන් බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. අලුත්ගම සිපෙට්කෝ ඉන්ධන හලට පොලිස් සහ යුධ හමුදා ආරක්ෂාව යොදවා තිබූ අයුරුද දැකගත හැකි විය.

බෝට්ටු සේවා කරුවන් සඳහන් කළේ කෙසේ හෝ ඉන්ධන ලබා ගෙන මිසක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.

ආරක්ෂක අංශ සඳහන් කළේ උසස් නිලධාරීන්ගෙන් යම් උපදෙසක්ලැබුණු පසුදෙපාර්ශවය අතර සාකච්ඡා කර තීරණය කට එලබෙන බවයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Related posts

මවු­පිය ආශී­ර්වා­දය ලැබෙ­න­වා නම් යෝජිත විවා­හය නරක නෑ ජන­ප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරි­ව­ර්ධන

Shiran Viraj

“බිස්නස් ටුඩේ” නම් කළ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර සෙලාන් බැංකුව පෙරටම

Shiran Viraj

රාජපක්‍ෂ පවුලේ තීරණාත්මක සාකච්චාවක්.. මැදියම් රැයත් පනී.. තීන්දු රැසක්..

Shiran Viraj