30.6 C
Colombo
May 26, 2026
Local NewsNews

ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්…

ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවට පත් කෙරෙනු ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ම එය තබාගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.

වෙනත් විශ්වවිද්‍යාලවල මෙන් වෘත්තීය සංගම් හදාගැනීමට අවසරයක් නොලැබෙන බවත් ඊට හේතුව මෙම විශ්විද්‍යාලය මගින් බිහි කරන්නේ ගුරුවරුන් නිසාවෙන් බව ද පැවසීය.

විනයක් සහිත පිරිසක් මෙම සරසවියෙන් බිහි කිරීම මුලික අවශ්‍යතාවක් බවත් උපාධිධාරී ගුරුවරයෙකු මෙමගින් බිහිවන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වයඹ පලාතේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද (11) හලාවත සුදසුන රංග ශාලාවේ දී එක්වෙමිනි.

මෙම අවස්ථාවට වයඹ පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, චින්තක මායාදුන්න, අලි සබ්රි රහීම්,යන මහත්වරු ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය

Related posts

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

Shiran Viraj

හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා..- ප‍්‍රසන්න.. *** කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි..- හේමන්ත

Shiran Viraj

බල්ලෙකු නිසා සහෝදරයා බෙල්ල කපා මරා දමයි…

Shiran Viraj