28.4 C
Colombo
June 9, 2025
Local News News

බාල ඖෂධවලින් ෆාමසි පිරේ… රෝගී ජීවිත අවදානමේ…

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳ පොළට බාල තත්ත්වයේ ඖෂධ ගලා ඒම නිසා රෝගීන් අවදාමකට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැඩි වශයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධවල ප්‍රමිතිය නියාමනය කිරීමේ නිසි යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවට නොමැති බවත් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

මෙරටට එන සියලුම ඖෂධ කාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රමිතිය සහිත උසස් රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ එනිසා බවත් ඔහු සදහන් කලේය.

නමුත් සිදුවෙමින් පවතින්නේ ඖෂධවල ප්‍රමිතිය රෝගීන් හරහා පරීක්‍ෂා කිරීම බව මෑත සිදුවීම්වලින් පැහැදිලි වන බවත් අලුත්ගේ මහතා කියා සිටී.

,සුදුසු ආගන්තුක ආයතනයක් සමඟ සහයෝගයෙන් තත්ත්ව සහතික රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමුල, ඔහු වැඩිදුරටත් පැවසීයග

හදිසි මිලදී ගැනීම් යටතේ ලියාපදිංචි නොකළ ඖෂධ තොගයක් රට තුළට ඇතුළු වී තිබීම වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලොකු පුටුවකට මොහොමඩ් ඕමාර් පත් කරලා – සේවකයන්ගෙන් ප්‍රබල විරෝධතාවයක්!

Shiran Viraj

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක්

Shiran Viraj

තවත් කැබිනට් ඇමතිවරයෙක්..?

Shiran Viraj