28 C
Colombo
June 4, 2025
News Political

රනිල් එජාප බලය අතහරී.. එජාපයට නායකත්ව මණ්ඩලයක්..

එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

තමන්ට ජනාධිපති ධුරයේ රාජකාරී බොහෝ වීම මත පක්ෂයේ කටයුතු සිදුකරගෙන යෑම සඳහා වැඩි කාලයක් ගත කිරීමට නොහැකි වීමෙන් මෙසේ දෙවන පෙළ නායකයන් මණ්ඩලයක් පිහිටුවීමට තීරණය තීරණය කර ඇත.

පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවේ දී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

සමාන බලතල ඇති නායකත්ව මණ්ඩලයක් පිහිටුවා සැබෑ නායකයන්ට ඉදිරියට පැමිණීමට හැකිවන ලෙස කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව එළඹෙන මාසයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

Related posts

රියදුරු වැරදි 32කට ලකුණු ක‍්‍රමය එයි.. බලපත‍්‍රය අහෝසි වන ලකුණු ක‍්‍රමය මෙන්න…

Shiran Viraj

‘‘රාවණා 01’’ කක්ෂගත කිරීම අද

Shiran Viraj

සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…

Shiran Viraj